ඉහළ දමන ලද විදුලි ගාස්තු ගෙවාගත නොහැකි ජනතාවගේ නිවාස වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරි වලට සහභාගි නොවීමට තීරණය කරන ලද බව ලංකා විදුලිබල වන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට තවත් විදුලි බිල වැඩි කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බවත් ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩිකිරීම ගැන වෘත්තිය සමිති විරෝධය පළ කරන බවද කැඳවුම්කරු රන්ජන් ජයලාල් සදහන් කරයි.
රජය රටේ ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළහොත් සමස්ත ජනතාව සමග එකතු වී එය පරාජය කිරීමට සෑම ක්රියා මාර්ගයක් ගන්නා බවද ඔහු තවදුරටත් සදහන් කරයි.