මුහුණ ආශ්‍රිතව හටගත් අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනප්‍රිය ගායකයෙකු වන කැනේඩියානු ජාතික ජස්ටින් බීබර් සිය ඉදිරි ප්‍රසංග දින නියමයක් නොමැතිව කල් දමයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ,
28 හැවිරිදි ජස්ටින් බීබර්ට වැළඳී ඇත්තේ ස්නායු ආශ්‍රිතව හටගත් දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි.රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (Ramsay Hunt syndrome) නමින් එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබයි.
“ඔබට පේන විධියට ඇහිපිල්ලම් ගහන්න බැහැ. මට ඒ පැත්තෙන් හිනා වෙන්න බෑ..ඉතින් මගේ මේ පැත්තේ සම්පූර්ණයෙන් ම පණ නැති වෙලා,” ජස්ටින් බීබර් මෙසේ සදහන් කළේය.