අද (27) දිනයේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද මෙම ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවත් එම අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කළේය.