දිවයිනේ පවතින වර්ෂාවත් සමග අද දින මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා මාර්ගයේ තුනේ කණුව ප්රදේශයේදී නායයෑමක් සිදුව ඇත.
ඒ හේතුවෙන් එහි වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් පැමිණ සිටි රථ වාහන විශාල ප්රමාණයක් හරවා යැවීමට පොලීසිය කටයුතු කර ඇත.
පස් කන්දක් මෙම ප්රධාන මාර්ගයට කඩාවැටී ඇති බවත් මේ වනවිට එහි ඉවත් කිරීම් සිදුවන බවද වාර්තා වේ.