විදේශීය සමාගම් මෙරට ඉන්ධන බෙදාහැරීමට එක් වෙයි?

මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව පවතින විදෙස් සමාගම් සදහා ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් දැන්වීම් පළකර දී තිබේ.

නිශ්චිත කාලයක් සඳහා ශ්‍රී ලංකා​ වෙළෙඳපොළේ ඩොලර් භාවිත නොකරමින් තම පෞද්ගලික අරමුදල් පමණක් භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර විකිණීමට සමගම් එකඟ විය යුතු අතර අදාළ සමාගම්වලට යහපත් මූල්‍ය හැකියාවක් පැවැතිය යුතුය. තෝරාගනු ලබන සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිත සංස්ථාව සමග ගිවිසුම්වලට එකඟ වීම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සහ සංස්ථාව සතු ගබඩා පර්යන්ත නිශ්චිත ගාස්තුවකට යටත්ව භාවිත කිරීමට අදාළ විදේශීය සමාගම්වලට අවසර හිමි වේ.

2022 අගොස්තු 5 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විදේශීය සමාගම් ඉදිරිපත් කරනු ලබන ලංසු සලකා බැලීම සිදුකරන අතර මෙරට ඉන්ධන අලෙවි කිරීම සඳහා විදේශීය සමාගම්වලට අවසර ලබාදීම සඳහා මීට සති කිහිපයකට පෙර කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close