මෙරට උද්ගතව ඇති පොහොර හිඟයෙන් ගොවීන් මහත් අසීරු තත්ත්වයකට පත්ව ඇති හෙයින් ඉන්දීය ණය ආධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක තොගයක් ඉදිරි සතියෙන් පසුව මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
යූරියා මෙට්‍රික් ටොන් 45,000ක් රැගත් නෞකාව මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණි අතර මේ වනවිට එම යූරියා පොහොර තොගය බෙදාදීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.