ජනතාවට සහනයක්.භාණ්ඩ කිහිපයකම මිල අඩු කරලා.

තවමත් රටේ පවතින ඉන්ධන හිගය නිසා ග්‍රාමීය ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා අත්‍යවශය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි

ඊයේ (25 වැනිදා) පිටකොටුවේ තොග වෙළෙඳුන් සතුව ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන නොමැති වීම නිසා දින ගණනාවක් ප්‍රවාහනය කිරීමට නොහැකිවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිලද අඩු වී තිබිණි.

පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 625 සිට රුපියල් 460 දක්වා අඩු වී ඇති නමුත් ග්‍රාමීය ප්‍රදේශවල පරිප්පු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600 – 700 දක්වා විවිධ මිල ගණන් වලටය.

පිටකොටුවේ සීනි කිලෝවක තොග මිල ද රුපියල් 315 සිට් රුපියල් 303 දක්වා අඩු වී ඇති අතර හාල් මිලද අඩු වී තිබේ.කඩිනමින් ඉන්ධන ගැටලුව විසදුනහොත් මෙම මිල ගනන් යටතේ ග්‍රාමීය ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරිය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය දන්වා සිටී.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close