මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි අද (27) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
පසුගියදා රුපියල් 50,000 බැගින් ශරීර ඇප 08ක්, රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 20ක් ඇයගේ මව, පියා, ස්වාමි පුරුෂයා ඇතුළු පිරිසක් විසින් ඇප තැන්පත් කරනු ලැබුවේය.
අද දින බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ පැමිණ ඇප අත්සන් කිරීම අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.