මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් වටලා ඇත.
එම අවස්ථාවේ එහි සිටි 35,38 වියේ පසුවන කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
එම අත්අඩංගුවට ගත් කාන්තාවන් තඹුත්තේගම සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මේ වනවිට පොලිස් භාරයේ සිටින බවද සදහන් කරයි.
ප්‍රබල දේශපාලකයකුගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් ඔහු මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සහ ඉන් පිට ප්‍රදේශවල ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව පොලීසිය සදහන් කරයි.