මෙරට එච්.අයි.වී. පරික්ෂණ සඳහා භාවිත කරන පරීක්ෂණ පටිවල උග්‍ර හිඟයක් පවතින බැවින් අනාරක්ෂිත ලිංගික ඇසුරට යොමු නොවන්නැයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි විශේෂ ඉල්ලීමක් කරයි.
පරික්ෂණය ගැබිනි මව්වරුන්ට අනිවාර්යයෙන්ම සිදු කරන බැවින් වසරකට ඔවුන්ට තුන්ලක්ෂ පනස් දහසක පමණ පරික්ෂණ පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් අනෙකුත් රෝගීන් සඳහා ලක්ෂයකට අධික පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඇය සදහන් කරයි.
පළමු කාර්තුවේ පරික්ෂණය නොකර දෙවැනි කාර්තුවේ සිට පරික්ෂණය කරන මෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත දැනුම් දුන් බව ද වෛද්‍ය රසාංජලී සඳහන් කරයි.