වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල පසුගිය 14 වැනිදා මහ රෑ සොරකම් කළේය.
සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරාගෙන යෑමට පැමිණි රථයට ආරක්ෂාව සපයමින් ඩිෆෙන්ඩරයක්ද එම ස්ථානයට පැමිණ තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.
ඩිෆෙන්ඩරයේ හිමිකරු ගැන තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත් මහනුවර දේශපාලනඥයකුගේ මැතිවරණ වැඩ සඳහාද මේ ඩිෆෙන්ඩරය පරිහරණය කර තිබෙන බවටද තොරතුරු හෙළිවී ඇත.
ඩිෆෙන්ඩරය එදා පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රැගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එම ඩිෆෙන්ඩරය සඳගල පැටවූ රථයට ආරක්ෂාව දෙමින් ගමන් කරන ඇයුරු ආරක්ෂක කැමරා දර්ශන මඟින්ද තහවුරු වී ඇත.