මෙරට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් නොවන සේ රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට, වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කරන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව,
මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන ‘මව්බිම’ට සදහන් කළේය.
සිය සේවා කාලය තුළ වසර 5ක උපරිමයකට විදේශගත වීමට විදේශ ආයතනයක රැකියාවක නිරතවීම සඳහා අවස්ථාව සැලසෙන අතර එහිදී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බව ඇමති දිනේෂ් ගුණවර්ධන සදහන් කළේය.
රාජ්‍ය නිලධාරියෙකු වැටුප් රහිතව හෝ සහිතව මේ වන විටත් විදේශගතව ඇත්නම් සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය, නැවත මෙරටට පැමිණීමකින් තොරව ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇති බව ද ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.