ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ලංකාවට උදව් කරන්න ලෝකෙන්ම ඉල්ලයි.(video)

තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරයි.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි.

මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි මාස 4ක කාලවකවානුවේදී,

ජීවිතාරක්ෂක ආධාර සහ මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 47.2ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් රැස් කර ගැනීමට සැලසුම් කර ඇත.

වීඩියෝ පණිවුඩයක් මගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කරමින් පණිවිඩ නිකුත් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close