මෙරට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රාජ්‍ය සේවයට කැඳවීමේ වැඩපිළිවෙළ මාස තුනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගනී.
මාස තුන ඇතුළත නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයේ සාර්ථක අසාර්ථක භාවය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තවදුරටත් එම ක්‍රමවේදය පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා සදහන් කළේය.
ඉන්ධන ඇතුළු සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය පසුගිය 25 වැනිදා අමාත්‍යාංශයේ ලේකම් අත්සනින් යුතුව නිකුත් කළේය.