දිවයිනේ පවතින අධික වර්ෂාවත් සමග මහනුවර දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇත.
එනිසා දුම්රිය ස්ථානයේ සියලු රාජකාරි කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවත් අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ද තාවකාලික නවතා ඇති බව වාර්තා වේ.
තවද මෙම අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගල් සහ පස්කඳු කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවද වාර්තා වේ.