ලොව ගෝලීය ආර්ථිකය දුර්වල වර්ධනයකට සහ ඉහළ උද්ධමනයකට මුහුණ දී සිටින බව ලෝක බැංකුව හෙළි කරයි.ලෝක බැංකුව මෙම වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 4.1% සිට 2.9% දක්වා අඩු කර ඇති අතර , බොහෝ රටවල් අවපාතයකට මුහුණ දීමට ඉඩ ඇති බවට අනතුරු අඟවයි.
ලෝක බැංකුව නිවේදනය කළේ,
“යුක්රේනයේ යුද්ධය, ඉහල යන උද්ධමනය සහ ඉහල යන පොලී අනුපාත මධ්‍යයේ, ගෝලීය ආර්ථික වර්ධනය 2022 දී පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ”
“අඩු සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් වෙත අස්ථාවර විය හැකි ප්‍රතිවිපාක සමග වසර ගණනාවක් සාමාන්‍යයට වඩා ඉහළ උද්ධමනය සහ සාමාන්‍යයට වඩා අඩු වර්ධනයක් සිදුවිය හැකියි. එය 1970 ගණන්වල සිට ලෝකය නොදුටු සංසිද්ධියක් හෙවත්, එකතැන පල්වීමක් සිදුවිය හැකියි.”