මගීන් 275ක් සමග තුර්කි අහසේ මහා අනතුරෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය බේරෙයි.

එරට ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL 504 ගුවන් යානය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇත්තේ තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ඇති වීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගනිමින් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේය.

යානය මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය රැගත් ගුවන් යානය හීත්‍රෝ නුවරින් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමනේ පසු තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමේදී අන්කාරා ගුවන් පාලකයන් විසින් UL නියමුවාට යානය අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගැනීමට දන්වයි.

නමුත් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලනකන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය එයාර්වේස් යානයක් හඳුනාගෙන ඒ වන විටත් ඉහළින් ගුවන් යානයක් ඇති බව අන්කාරා හි ගුවන් ගමන් පාලනයට දන්වයි.

යලි පරීක්ෂා කිරීමෙන් පසුල අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් ශ‍්‍රී ලන්කන් කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු පියාසර කිරීමක් අනාවරණය නොවූ බවත් ශ්‍රී ලන්කන් යානයට ඉහලට නැගීමට අවසර දුන් බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍යය යානය හඳුනාගෙන සිටි ගුවන් නියමුවා ගුවන් යානයේ රේඩාර් නිරූපන යලි පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇති අතර එය හදුනාගැනීමෙන් පසු ඉහලට නොයන ලෙසට ප්‍රතිචාර දක්වා ඇත්තේ විනාඩි ගණනකට පසුවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close