ජනවාරි මස 03 වැනිදා ආරම්භ වන ඉන්දීය තරග සංචාරයේදී ශ්රී ලංකා එක්දින පිලේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ විස්සයි 20 පිලේ උප නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇත.
මීට පෙර ඉදිරි පෙළ පිතිකරු චරිත් අසලංක මෙම කණ්ඩායම් දෙකේම උප නායකයා ලෙස කටයුතු කළ අතර තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක තව දුරටත් මෙම කණ්ඩායම් දෙකේම නායකයා ලෙස කටයුතු කරයි.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් ඉන්දියානු සංචාරය සදහා ක්රීඩකයින් තෝරා ගැනීම සහ උප නායකයන් පත් කිරීම සිදුකර ඇත.