අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා දර්ශන (CCTV) සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් හෝ ආයතන වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.
දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ තිබී ඇඟිලි සටහන් 11ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයා ගත් බවත් එම ඇඟිලි සටහන් විශ්ලේෂණය කර ඒ සම්බන්ධ වාර්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් ලබාදී ඇති බවද වාර්තා වේ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ විමර්ශන වලදී මේ වන විට ඉතා වැදගත් සාක්ෂියක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක කැමරා දර්ශන (CCTV) වන බැවින් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.
එක් කැමරාවක ඇති දර්ශන සමීප ඡායාරූපයක් මඟින් නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ ඇති ඇතැම් සැක කටයුතු දේ සම්බන්ධයෙන් තවමත් ප්‍රහේලිකාවක් බවත් ඒ ගැන විද්‍යාත්මක සාක්ෂියක් ගැනීම තුළින් සැකය නිරවුල් කර ගැනීමටද දෙපාර්තමේන්තුව අදහස් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තවදුරටත් දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු විමර්ශන කටයුතු සිදු වෙමින් ඇති බවද සදහන් කරයි.