මෙරට ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන අතර,
රක්ෂණ මණ්ඩලය එය සෑම මසකම 07 වන දින වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමුව ඇත.
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.