පෙම්වතියගේ පියාගේ අමානුෂික පහරදීමකට ලක්වූ 18 හැවිරිදි තරුණයකු කළු ගගට පැන දියේගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් අද (08) පස්වරුව වනවිටත් පැය 20 ක් පමණ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් ඇත.
මෙරට කළුතර , කලමුල්ල, 3 වන පටුමගේ පදිංචි සිටී මහිම කෞෂික නමැති 18 හැවිරිදි තරුණයා ඊයේ (07) රාත්රි කළුතර පාලමෙන් ගගට පැන දියේ ගිලී අතුරුදහන්ව ඇත.
ඒ සම්බන්ධයෙන් මෙම තරුණයාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සදහන් කළේය.
තරුණයා මිතුරකුට දුරකථන ඇමතුමක් ලබාදී, සිය පෙම්වතියගේ පියා ඇයගේ දුරකථනයෙන් කෙටි පණිවිඩ එවා නාගොඩ ප්රදේශයට ගෙන්වාගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ.