එරට ක්‍රිටේසියස් යුගයේ අග භාගයේ (වසර මිලියන 145 සිට 66 ) ජීවත් වූ විශේෂයක් වන Abelisaurid theropod ට අයත් මාංශ භක්ෂක ඩයිනෝසර පොසිලයක් ඊජිප්තුවේ බටහිර කාන්තාරයෙන් සොයාගනී.
එම විශේෂය ඉන්දියානු සාගරයේ මැඩගස්කර දූපතට අමතරව යුරෝපයේ සහ අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව වැනි නූතන දකුණු අර්ධගෝලයේ මහාද්වීපවල ද සිටි බවට සාක්ෂි ඇති බව පර්යේෂකයන් පෙන්වාදෙයි.
එරට ඊජිප්තුවේ Mansoura විශ්ව විද්‍යාලයේ පෘෂ්ඨවංශික පාෂාණ විද්‍යා මධ්‍යස්ථානයත් (MUVP), ඊජිප්තුවේ පාරිසරික කටයුතු ඒජන්සිය සහ එක්සත් ජනපද පර්යේෂකයන් ද එක්ව මෙම පර්යේෂණය කර ඇත.
මේ පිළිබඳ තොරතුරු Royal Society Open Science විද්‍යාත්මක සඟරාවේ පළ විය.
ලොව දශක ගණනාවනට පෙර මෙම විශේෂයට අයත් පොසිල මුලින්ම හඳුනා ගැනුනේ ආජන්ටිනාවෙනි. Abelisaurid හි නටබුන් ජීරිප්තුවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙය ඊසාන දිග අප්‍රිකාවේ ඇති පැරණිතම පොසිල විශේෂය වේ.