මෙරට කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලීසිය සදහන් කළේය.
ඒ මෙම පාසල් ගොඩනැගිල්ලක බඹර ගෝටයක් තිබී ඇති අතර එය පාසල අවට සිටි වඳුරන් රැලක් විසින් එකවර කඩා දැමීමෙන් බඹරු ඇවිස්සීම හේතුවෙන් බඹරු පාසල් සිසුදරුවන්ඨ දෂ්ඨ කර ඇත.
මෙම බඹරු දෂ්ඨ කිරීමත් සමග පාසලේ හදීසි සීනුව නාද කිරීමට පාසල් කාර්ය මණ්ඩලය පියවර ගැනීමත් සමග සිසු දරුවන් ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් ඇති අතර පාසල් මිදුලේ සිටි සිසුන් පිරිසකට පමණක බඹරුන් දෂ්ඨ කර ඇත.
මෙම බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් 25 දෙනාගෙන් 11 දෙනකු කිලිනොච්චිය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන අතර සෙසු දරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.