උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි.පොලීසියේ ගිනි අවි පත්තු වෙයි.තරුණයෙක් මියයයි.

මෙරට වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියෙක් සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් මියගොස් තිබේ.එම වැටලීම නෙළුව පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකර ඇත.

පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු එම ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩිවැදී මියගොස් ඇත.නෙළුව නගර ප්‍රදේශයේ පිහිටි පාලු නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (18) සවස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

එහි සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුගේ පිස්තොල ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සදහන් කළේය.එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුට වෙඩි වැදී ඇති බව සදහන් කළේය.

මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.එම ස්ථානයේ සිටි තවත් සැකරුවන් තිදෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නෙළුව පොලීසිය විමර්ශන සිදුකරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close