මෙරට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (10) දින පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
මෙම විධිමත් අධ්‍යයනයක් කර අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින්ය.
රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ කඩිනම් කිරීමටත් රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කර ඇත.