මෙරට සෑම ලංගම ඩිපෝවක් සඳහාම පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෙකු පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
අමාත්‍යවරයා සදහන් කළේ,ශ්‍රී ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට නිකුත් කෙරෙන ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීම වෙනුවෙන් අදාළ නියෝජිතයා යොමුකරන ලෙස පෞද්ගලික බස් සංගම්වලට දැනුම්දී ඇති බවය.
මෙරට සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන්නැයි දැනුම්දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ, ඉදිරියේදී ප්‍රවාහන හා කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රම්‍රඛතාව ලැබෙන පරිදි ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ඇතිකිරීමට අපේක්ෂා කරන බවයි.