මෙරට පාසල් සිසුන්ට ලබා දෙන දිවා ආහාර වේල වෙනුවෙන් වෙන් කරන දීමනාව දෙගුණ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේය.
මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ, ලබන වසර සඳහා සිසුන්ට අවශ්‍ය පෙළපොත් නිෂ්පාදනයට අවශ්‍ය කඩදාසි, ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලබා ගැනීමට අදාල ඇස්තමේන්තු මහා භාණ්ඩාගාරය වෙත යොමු කළ බවයි.
ලබන වසර සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්රදානය කිරීමට චීනය දැනටමත් එකඟ වී ඇති අතර ඉතිරිය ලබා ගැනිමට චීනය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කළේය.