මහාධිකරණය මගහැර වරෙන්තු නිකුත් කළ නීතිඥවරයෙක් අත්අඩංගුවට.!

ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටී නීතිඥවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නීතිඥවරයා කළුතර ප්‍රදේශයේ ඉඩම් දෙකකට ඔප්පු පිලියෙල කිරීම සදහා කූඨ ලේඛණ සකස් කිරීම ගැන චෝදනා එල්ල වී කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී අයෙක් බවද පොලිසිය සදහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගත් නීතීඥවරයා පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close