මෙරට අද (09) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කළේය.කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම සදහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් ඊයේ (08) දිනයේ දිවයිනට ළඟා වු අතර ඒ සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට කටයුතු ආරම්භ කරන බව සමාගම සදහන් කළේය.