මහින්ද රාජපක්ෂගෙන් කොන්දේසි.21ට හා කියයි.

මෙරට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කල බවයි.

සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බවද මහින්ද රාජපක්‍ෂ පවසා ඇති බවද සදහන් කළේය.

මෙරට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්‍රශ්නයක් නැතත් බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල පත්වීමට විරුද්ධ බව ද මහින්ද රාජපක්ෂ සදහන් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close