පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 02 ක් කුරුණෑගලට සහ කොළඹට පිටවගොස් ඇත.
09 වනදා ගාලුමුවදොර අරගල භූමිවලට පහරදීම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්රනාන්දු ව සැකකරුවෙකු ලෙස නම්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එලෙස ඊයේ (01) සැකකරුවන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් නම් කරයි.