මෙරට විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත හෙට (09)අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, පනත් සංශෝධනය තුළින් කිසිදු ලෙසකින් තරගකාරීත්වයක් අහිමි නොවන බවත් සිදු වන්නේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා තිබූ නෛතික බාධාව ඉවත් කිරීම පමණක් බවයි.
මෙරට විදුලිබල මණ්ඩලයේ සීමිත කොටසක් පමණක් මේ සඳහා විරුද්ධ බවත් සශෝධනයෙන් පසුව වුවද මිල ගණන් තීන්දු කිරීමේ බලය ඇත්තේ විදුලි බල මණ්ඩලය සතුව බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මට සහය නොදෙන්නේ නම් විදුලි බිල වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බවයි.