මෙරට රාජ්‍ය ආයතනවල කඩදාසි සඳහා වැය කරන මුදල් ඉතිරි කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ,
රාජ්‍ය ආයතතවලින් පාර්ලිමේන්තුව, විගණාකධිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත වාර්ෂිකව හා අර්ධ වාර්ෂිකව සපයන වාර්තා ඊ බුක් ක්‍රමය මගින් යැවීමට සැලසුම් කර ඇති බවයි.
අමතරව විවිධ පෝරම පිරවීම වෙනුවට ඒ සඳහා එක් පෝරමයක් ලබාදීම මෙන්ම වට්ස්ඇප් වැනි සාමාජ මාධ්‍ය ක්‍රම භාවිතයෙන් එම පෝරම අදාළ අංශ වෙත යොමු කිරීම ද මේ යටතේ සිදුවෙයි.
වාර්ෂිකව විවිධ පෝරම හා වාර්තා සඳහා කඩදාසි වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද සදහන් කළේය.නව වැඩපිළිවෙළ යටතේ මුද්‍රිත පත්‍රිකා දැන්වීම් ද සාමාජ මාධ්‍ය හා විද්‍යුත් තිර මත ප්‍රදර්ශනයට ද පහසුකම් සලසන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.