ශ්‍රී ලංකාවට කොපමණ ණය මුදලක් ලබා දිය හැකිද යන්න පිළිබදවත්,ඊට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා වන දිනය හෝ එය විධායක මණ්ඩලයට යා හැක්කේ කවදාද යන්න පිළිබඳව,
සාකච්ඡා කිරීමට තවමත් ඉක්මන් වැඩි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් මහතා සදහන් කළේය.මෙම සාකච්ජා සදහා ජාත්‍යන්තර මූලය අරමුදල කාලරාමුවක් නියම කිරීමට උනන්දු වී නැත.
“කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ කාලසීමාව බලධාරීන් විසින් යෝජනා කරන සහ කැපවී සිටින ප්‍රතිපත්තිවල ශක්තිය මත රඳා පවතී. ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කරන බවට අපගේ මණ්ඩලයට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇත,”යැයි ප්‍රකාශක ගැරී රයිස් සදහන් කළේය.