මෙරට නව යුධ හමුදාපති ලෙස පත්කෙරුණු 24 වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (01) උදෑසන තම ධූරයේ වැඩ භාරගෙන ඇත.
මෙරට යුධ හමුදාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු යුධ හමුදාපති ධූරයේ වැඩ භාරගැනීමත් සමඟ ලුතිනන් ජෙනරාල් නිලයට උසස් වූ බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් ඊයේ පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාර දුන්නේය.