ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
38 හැවිරිදි සකෙස්ක් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන හැරී කුමරු බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවකු ලෙස ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණේ 2007-2008 කාලයේත් පසුව 2012 සහ 2013 කාලයේය.
හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ ස්වයං චරිතාපදානය ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත නමුත්, මාධ්‍ය එහි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇත.
සොහොයුරු විලියම් කුමරු, බහින්බස්වීමක් අතරතුරේ තමන්ට බිම වැටෙන්න පහර දුන් බවත්, බහින්බස්වීම සිදුවූයේ තම බිරිඳ මෙගාන් මාකෙල් නිසා බවත් හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා ඇත.