‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇති බව වාර්තා වේ.
2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් බව සදහන් කරයි.
දින දෙකක පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළ කර ඇත.