මෙට්‍රික් ටොන් 60000 බැගින් වූ ගල් අඟුරු නෞකා ජනවාරි 6, 7, 13, 20, 23, 27, 31 දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සදහන් කරයි.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්, ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි බවද ඔහු සදහන් කරයි.
මෙරටට පැමිණෙන එම ගල් අඟුරු නෞකා පුත්තලම වරායේ ගොඩබෑමට නියමිත බවත්, ඉන් අනතුරුව එම ගල් අඟුරු නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතය.