මෙරට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.සාමාජික රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.
එහි දැක්වෙන්නේ,
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරිපත් වන අපේකෂක්යෙකු, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු නාම යෝජනා භාර දීමෙන් පසුව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වන බවයි.
පසුගිය 2015 සහ 2020 මහ මැතිවරණ දෙකේදී ම, නාම යෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද අපේක්ෂක හැඳුනුම් පත ලබානොදුන් අතර, අනෙකුත් වරප්‍රසාද සියල්ල අහිමි කළ බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
මෙවර ද පූර්වගාමීන්ගේ කාර්ය පටිපාටිය මැතිවරණ කොමිසම අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.