පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට.

මෙරටට පෙට්ට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ළඟාවූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.පැමිණ ඇති ඩිසල් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් පිළිබඳ යාවත්කාලීන කිරීමක් බලශක්ති අමාත්‍යවරයා විසින් අද සිදුකරනු ලැබුවෙිය.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වනවිට ඩීසල් රැගත් නෞකා දෙකක් සිය ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කරමින් පවතින බවය.තවත් එක් ඩීසල් රැගත් නෞකාවක් ඉන්ධන ගොඩබෑම සඳහා වරායේ දැනට නැංගුරම්ලා පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ අද දිවයිනට ළඟාවූ පෙට්‍රල් රැගත් නෞකාවේ සාම්පල පරික්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බවයි.එය අවසන් වීමෙන් පසු පෙට්‍රල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.

මෙරටට ගොඩබානු ලබන ඉන්ධන සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය (CPSTL) මගින් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කිරිම දුම්රිය සහ ට්‍රක් රථ මගින් හෙට (19) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close