පවතින අර්බුදය විසදීම සදහා සිදුකළ යුත්තේ වහාම මැතිවරණයක් කැදවීම බව ජාතික ජන බලවේගය සදහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක කඩවත ප්රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් මේ බව සදහන් කළේය.
අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,
මෙරට තුළ අස්ථාවර භාවය මතු වුණේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර නෙමෙයි. අස්ථාවරභාවය මතු වුනේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිළිනොගැනීමෙන්.
ආණ්ඩුව ජනතාව පිළිගන්නේ නැත්නම් එකම විසදුම මොකක්ද ජනතාවට මැතිවරණයක් අරන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන්න. එසේ නැතිව මේ අර්බුදය සමනය වෙන්නේ නෑ.