අද (01) දින පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය සදහන් කරයි.
මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි තම විහාරස්ථානයේ සිට හොරණ කුඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී අගලකඩ සිරිසුමන හිමි මෙම අනතුරට මුහුණ දී ඇත.
උන් වහන්සේ ගමන් කළ රථය තවත් මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොමැති බව වාර්තා වේ.