මෙරට රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන් මගින් සිදුකිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙරට සියලුම ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.රජය පොහොර ආනයනය කිරීමේ දී විවිධ මැති ඇමතිවරුන්, නිලධාරීන් මඩි තර කර ගන්නා බවට චෝදනා එල්ලවීම මත බවද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.