මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අත්අඩංගුවට ගත්තේය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද දුමින්ද සිල්වා මහතාට හිමි වූ එම ජනාධිපති සමාව තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කළේය.
දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටී.