රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පමණින් හැකියාවක් නොලැබෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අවධාරණය කළේ මීට පෙර අවස්ථා පහකදීත් අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාවලදීද රට නඟාසිටුවීමට නොහැකි වූ බව.
මෙම අර්බුදකාරී තත්ත්වයට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ සියලු ප්‍රධානීන් වගකිව යුතු බවද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මෙරට ඇතැම් නිවට පුද්ගලයන් වරදාන වරප්‍රසාද ලබාගැනීම සඳහා ඇමැතිකම් භාරගත්තද තමන් කිසිදු විටෙක ඇමැති ධුර ලබාගෙන ආණ්ඩුව සමග එක් නොවන බව සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.