චීනයේ කොවිඩ් වෛරසය රෝගීන් ඉහළ ගොස් ඇත්තේ උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි චීන විශේෂඥ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙයි.
චීන විවිශේෂඥ වෛද්‍ය පර්යේෂකයන් විශ්වාසය සහ අදහස් දක්වමින් සදහන් කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය නිසා බවයි.
එහෙත් එම සාම්පාල පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ, වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතරින්, කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7 ආසාදිතයන් සිටින්නේ සියයට 15% ක් පමණක් බවයි.
තවද සියයට 50% ට වඩා වැඩි ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ ‘බී.එන්.’, ‘බී.කියු.’ සහ ‘එස්.වී.වී.’ නමැති ‘කොවිඩ් 19’ උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන ඇති බවද සදහන් කරයි.