මෙරට මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පැවසුවේ, කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර්යය නොවන බවයි.
ශ්වසන රෝග සහ ඒ ආශ්රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.එමෙන්ම හෙට සිට කොවිඩ් 19 සඳහා සිදු කෙරෙන පී.සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කිරීම අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.