මෙරට විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමකදීය.
මෙරට ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිය නොහැකි බවට වූ වගන්තිය 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ නොහැකි බවද විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.