මෙරට රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනවල නිවාඩු ලබා දීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ, අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත් එය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.එම නිවාඩුව සෞඛ්‍ය, අධ්‍යාපන සහ හඳුනා ගන්නා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවේ.
මෙරට සිකුරාදා දිනය පෞද්ගලික අංශයට ද නිවාඩු දිනයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් ජාතික කම්කරු සභාවේ අවදානයට යොමු කරන බව කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කළේය.