අවසන් තීරණය ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි.!

අද (29) දින පෙරවරුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම ගැන අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112 ක් පමණ ලැබී ඇති බවත් අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනි දායින් අවසන් වු බව කතාතානාක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනීම හෝ අයැදුම්පත් යොමු නොකළ එ‍හෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව සලකා බලන බව කතානායකවරයා සදහන් කරයි.

අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවන්නේ විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේදී කීර්තියට පත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ට වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close